Friday, October 30, 2015

දෙවියන්ට පිං දෙන්නේ කොහොමද ?

                           දෙවියන්ට පිං දෙන්නේ කොහොමද ?

දේව ආරාධනා

මහබඹු වැනි ඉසුරු ආදී දෙවියන්                                              ට
දෙදෙව් ලොවට අධිපති සක් දෙවිය                                          ට
සිරිලක් දෙරණ සසුනත් අප රැකගන්                                         ට
සැලකර සිටිමි වැඩලා මේ පිං ගන්                                             ට
                                                             



සදෙව් ලොවේ දෙවියොත් මේ පිං ගන්                                    ට
තිස්තුන් කෝටියක් දෙවියොත් පිං ගන්                                    ට
විසකම් වලාහක දෙවියොත් පිං ගන්                                        ට
බඹ සුර නා ලොව සිට පිං ගන්                                                  ට



කතරගම දෙවිදු ගණදෙවි  දැඩිමුණ්                                          ඩ
සුමන සමන් විභීෂණ දෙවි පිං ගන්                                             ඩ
සතරවරම් දෙවියොත් මේ පිං ගන්                                             ඩ
නිතර දෙවේලේග් ඇත්තන් රැක දෙන්                                          ඩ



අලුත්නුවර උග්ගල්ලේ බණ්ඩා                                              ර
ගමින් ගම රකිනා දෙවියනි ගම්භා                                             ර
මෙතින් දනෝ රැස් කළ මේ පිං තිරසා                                       ර
අනුමෝදන්වඅ ප රැකු මැන ගම්භා                                             ර


සුමන විභීෂණ සකත බරනිද ගණදෙවි                                     අයියනායක
සොබන් පත්තිනි භද්‍රකාලි  දෙවොල් දැඩිමුණ්ඩ                        සුරිදු
දිලෙන ගම්බාර දෙවිදු සමගින පබල දෙවි සැම සිද්ධ                 සිරිලක
මෙදින පිං අනුමෝදනා වී සුරැක සෙත දී හරිනු                         මැන



දෙවියන් වැදීම හා පිං දීම

ගම්භාර සූනියම් දෙවියන් වැදීම

ශිව මස්තු නමෝරාමං
කන්දසේනා සමාගමං
වඩිග තන්ත්‍ර මණිකණ්ඨං
ඔඩ්ඩි මංගල නමෝ නමං
අග්නි කන්දන්ච හස්තේන
හස්තේ වඩිගකර්ගතේ
මුඛෙන විස සර්පේන
ශීර්ශේ පංච කේශ්කේ
උදරේ නාග බන්දාමි
තිලෝක තුරඟ වාහනේ
සූනියන් දේවතා නාමං
ම්යියං පාදතේ නමං

පිං අනුමෝදන් කිරීම

නානා වණ්නෝ මහා තේජෝ -ඕදාත  භය වාහනෝ
ග්‍රාම සංචාරක දේවෝ -ඉදං පුඤ්ඤනුමෝදතු

විෂ්ණූ දෙවියන් වැදීම

ශ්‍රි විෂ්ණූ දිනරාජ ප්‍රභාවන්  -ශ්‍රි දේවරාජං ක්‍රතස්ස රූපං
ශ්‍රි අෂ් ට රූපං ගිරිමේඛලානයම් -ශ්‍රී රාමචන්ද්‍රම් සිරසා නමාමි



පිං අනුමෝදන් කිරීම

නීලවන්නෝ මහා තේජෝ -බලෝ ගුරුල වාහනෝ
වේන හු නාමා දේවරාජා -ඉදං පුඤ්ඤනුමෝදති





කතරගම දෙවියන් වැදීම හා පිං දීම

කදිරනේ දේවගෝවින්දං -පාලෙන්තුල් ඕක සාසනං
ඒතේ තේජානුභාවේන -කන්දස්වාමි නමෝ වරං

පිං අනුමෝදන් කිරීම

සළාණෙනෝ මහා තේජෝ -බලෝ මයුර වාහනෝ
දේවින්දෝ කාචර ගාමේ -ඉදං පුඤ්ඤනුමෝදතු



 

පත්තිනි මෑණියන් වැදීම හා පිං අනුමෝදන් කිරීම


නා නා සුන්දර ජනවනිතා ගුණ තාරපතී ශ්‍රී දේහං
නා නා වර්ණක ශාඨක ධාරන මාලාදාම පිලන්ධං
නා නා ශාස්ත්‍ර ප්‍රජාන ඤනවිශාරද කීර්තිදරං
නා නා සෝභිත රත්න නිරංතර පාදතු මේ පත්තිනි මාතා


පිං අනුමෝදන් කිරීම

යා දේව පත්තිනි  නාම  අම්මා -මහානුභාවා සිරසින් නිවාසා
සමාධි හිත්වා ඉදංසු පුඤඤං -සුකා වහං රක්කන්තු මං සුධිග්ං



නාථ දෙවියන් වැදීම


 

නරක්ංති සුභ පද්මා කුන්දකර් පුරහස්තං
ජටමකුට දිවායං ලංකෘත ජෝහි නාතං
චිරහිතනත බුද්ධෝ ධිනධිනානූ කම්පී
ජයතු නමිතවන්දේ ඤාත දේ නාථ දේවෝ



විභීෂණ දෙවියන් වැදීම




කල්‍යානිපුරේ රම්මේ ටුරන්ග වාහනෝ බලී
විභිෂණ ව් හයෝ දේවෝ -ඉදං පුඤ්ඤනුමෝදතු ..........

                      ජෝතිශ්‍යවේදී හුනුමුල්ලේ දේවමිත්‍ර










                                                                                                                            

Wednesday, October 14, 2015

ඔබ උපන්නේ වෘෂභ ලග්නයෙන්ද ?

                      ඔබ වෘෂභ ලග්නයෙන් ඉපදුනානම් ......

ඔබගේ අදහස් ස්ථිරය .පෞද්ගලික වාසි තකා ඔබ අදහස් බලාපොරොත්තු  විටින්  විට වෙනස්  නොකරයි ....අන්  අය තමාගේ අදහස් වලට  නම්මවා  ගන්නවා  මිස  තමා  අන්  අයගේ  අදහස්  වලට හැරීමට  අකමැතිය  ...
                                 ස්ථිර  අදහස්  මෙන්ම  තමන්  සැලසුම්  කරගත්  සුවිශේෂ  ක්‍රමෝපායන්  අනුව ජීවිතය  ගෙවන්නාවු  ඔබ කිසිදු  හේතුවක්  නිසා  තමාගේ රූලෙන්  මිම්මෙන්  පිට  නොපනී ,,ප්‍රායෝගිකව කටයුතු  කිරීමට  කැමති ඔබ  සිය  මතය කෙරෙහි  දැඩිව  නැඹුරු වේ ..ඔබ  මුදල් අතින් සුරක්ෂිත නම් සතුටට පත්වන අතර  එසේ  නොවනා විට සිතින්  කරදරයට  පත් වේ ..විනෝදයට  සැපතට බාහිර අලංකාරයට කැමති  අතර සතුටින්  ජීවත්  වීමට බෙහෙවින්  ප්‍රිය වේ ...සියලු යස  ඉසුරු පිරි ජීවිතයක් ගත් කිරීමට අවශ්‍ය වේ ,,,අලංකාරවත් ලෙස  ඇඳුම් පැලදුම් ඇදීමට ආභරණ පාවිච්චි කිරීමට ප්‍රිය වේ ..ඒ සඳහා නොමැලිව  වියපැහැදම්  කරයි ...ඇතැම්  විට අවශ්‍ය  ප්‍රමාණයටත්  වඩා  වියදම් කරයි .....
                                                                       විසිතුරු දේ සඳහා ලැදියාවක්  දක්වන  ඔබ  ස්පර්ශය  තුලින්ද  සතුටු  වේ ,,,තම දුටුවිට  එය ලබා  ගත  නොහැකිනම්  ස්පර්ශ කර  හෝ සතුටු වේ ...සුවපහසු  දිවියකට ප්‍රිය කරන අතර  ප්‍රියසම්භාෂණ  විනෝද  උත්සව  ප්‍රනීත ආහාරපාන  ආදියට ඉතා කැමතිය ...
                 ගේ දොර  වස්තුව  මුදල්හදල්  පිලිබඳව  නිරන්තරයෙන්ම  අවධානය යොමුවේ ,,මුදල් පිලිබඳ තණ්හාව නොමැති වූවත්  මනා  අවබෝධයකින්  කටයුතු  කිරීමට සමත්  වේ ,,
                                                 සවභාවි ක  පරිසරයට වඩාත්  ප්‍රිය  කරයි  .දහසක් ප්‍රශ්න මැද  වූවද  රසවිඳීමට  දෙයක්  දුටුවිට  රසවින්දනයට අමතක  නොකරයි ,,,උසස්  රුචිකත්වයක් පවතී  නැනවතුන්  ප්‍රිය  කරයි  .ඔවුන් හා  සබඳතා  පවත්වන  අතර ඔවුන්ගේ  ප්‍රසාදයට ලක්වේ  ,ඔබට  විවිධ කලා  කුසලතාවයන්  පැවතියද  ඒවා  ප්‍රකට නොකරයි  ..ඇතැම්  විට  ඒ තුල  නිරත   වීමට සැලසුම්  කළද  ඒවා ඉබේම  නැති  වී යයි  ,තමා  ඉදිරියේ  සිටින අයගේ  සිත නොතලා  ඒ ඒ  අයට සුදුසු පරිදි  කටයුතු  කරයි ,,,තමන්ගේ  කැමැත්ත  අකමැත්ත  නොබලා  කටයුතු කරයි ,,,,සැප  පහසුකම්  හා බාහිර  අලංකාරයට  අතිශයෙන්  ප්‍රිය  කිරීමත්  තම  මතයේම  ඇලී  ගැලී  සිටීමත්  තම  කටයුතු  කෙසේ  හෝ සාර්ථක කර  ගැනීමට  මාන බැලීමත්  සැප පහසුකම් භාවිතා  කිරීමේදී  අන්  අයගේ සැප පහසුව  පිළිබඳව  නොතැකීමත්  ඔබගේ  දුර්වලතාවයන්  වේ ,,,,,තම අභිමතාර්ත  සපල කර  ගැනීමට  අසාධාරණකම් වලට  වූවද  පෙලැබේ ...
                         තර්කානුකූලව  කතා කර ජය  ගැනීමට  සිතනා බැවින්  ඔප්පු කිරීමට  නොහැකි දේ ගැන කතා නොකර නිහඬව සිටියි ,,,බොහෝ දේ  සිතෙහි  තබාගෙන  සිටීමටත්   එම  කරුණු  කිසිවෙකුටත්  හෙලි  නොකර  සිටීමටත්  ඔබ  සමත්‍ වේ  ,,,,එසේ  සිතෙහි  තබා  ගත්  කරුණු  පිලිබඳ  නිතර  නිතර  විමසමින් හරිවැරදි  තීක්ෂණ ලෙස  විමර්ශන  කරමින් සිටින ඔබ  අවශ්‍යයැයි  හැඟෙන්නේ නම් සියුම්  ලෙස  ප්‍රයෝජනයට ගනී ..හේතුවක්  ඇතිව  හෝ නැතිව  මෙසේ  සිත  තුල  සඟවා ගන්නා  හැගීම්  නිසා  අවාසි පාඩු  ද ඔබට  සිදු වේ ..එසේ වූවද  ඔබ  ඒවා ගනනකට  නොගනී  .තම  ගතිගුණ  ගැන  තමාම තෘප්තිමත් වේ ...ප්‍රකාශ  කරන දේ  මෙන්  දහසක්  දේ සිත  තුල  ඇතත්  කිසිවක්  හෙළිදරව්  නොකරයි ......
                                                                                           අන් අයගේ  සිත්ගන්නා  සුළු ස්වභාවයක්  ඔබට  උපතින්ම  පිහිටා ඇත ....ඔබ   අන්  අයට දොස් නැගූවද ඔවුන්ගේ  අමනාපයට  ලක්  නොවේ  ,ඉතා බරපතල  කටුක  දොස්  නැගීම්  වචන  දෙකතුනකින්  කියන්නට  ඔබට  හැකිය ,,,,සිතෙහි  මතුවන  හැඟීම්  සඟවාලීමට  මෙන්ම  සිතෙහි  ඇති  දහසක්  දේ  කෙටියෙන්  කියාපායි ,,,කිසිම  කෙනෙකු සමඟ  ඉක්මනින් අමනාප නොවන  අතර  සමාව දීමට හැකි  කාරුණික  සිතක් පිහිටි  නිසා  සතුරු  මිතුරු  සැමගේ  ප්‍රසාදයට ලක් වේ ..යමෙකු  සමඟ අමනාපවෙන්නේ  ඉතා  දූරදර්ශීව  තර්කානුකූලව  සිතා බැලීමෙන් පසුවය ,,,එසේ  අමනාප වූ  විට  යලි  මිතුරු  නොවේ  ,සිතේ තරහා  නැතිමුත්  දැඩි  තීරණ වල හිදී ,,,,යමක් කරනා විට අන් අයට  නොහගවා කිරීමෙන්  තමන්ම තෘප්තියට  පැමිණ කවුරුත් කියන  දේ නාසා  තම  සිතැගි  පරිදිම  කටයුතු  කරයි ,,,අන්  අයට දොස්  නැගූවද  එම  මොහොතේම  සියල්ල  අමතක  කර  දමා   සැහැල්ලු  ලෙස  කටයුතු  කරයි  , සිතේ  කුඩුකේඩු  ගති  නැත .
                                        අරමුණු කරා  ගමන්  කිරීමේදී  නොසැලී  කටයුතු  කරයි .යම්  ජයග්‍රහණයක් ඉලක්ක කරගත්  විට  එය  හිමිවන  තුරුම  අත්  නොහරී ...යායුතු  මග සැලසුම් කර බාදා පීඩා කරදර  ගනන්  නොගෙන මහමෙරක් සේ කටයුතු කරයි ,,,,,උපතින්ම  කඩිසර නැත්ත්  කරන දේ නොනවත්වා  කරගෙන  යයි ...හීන් නූලෙන් ජය  ගනියි ..
තමන්  නිවරදිව  කටයුතු  කිරීමට උනන්දුවක්  දක්වයි ...උපක්‍රමශීලීව අනුන්  දිනා  ගැනීමට  සමත්  වේ ..බොහෝ විසඳුම්  ලබන්නේ  කාලය  වැය  කිරීමෙනි .හදිස්සියකදී වූවද  වැඩ  හෙමිනි . නායකත්වයට සුදුසු  කලබල නොවී ඉලක්ක කරා  යන  බැවිනි . විරුද්ධකරුවන් කතාවෙන්  දිනා  ගනි ..
                          සෙම්දෝෂ  බහුලවීමෙන් යෙදෙන  සෙම්ගෙඩි  ගලපටලය  බෙල්ලේ   උගුරේ  ආසාදනය  මලබද්දය  උදරාබාද  ආදියට පහසුවෙන් ගොදුරු  විය  හැකිය ...
                                      ජය අංක  -5  6  8
                                       ජය වර්ණ- කොල  සුදු
                                      ජයදින - බදාදා  සිකුරාදා
                                     ජයමාස -පෙබරවාරි  මාර්තු
  


   

















                                          හුනුමුල්ලේ දේවමිත්‍ර -0775775207






Sunday, October 11, 2015

දරුවන්ගේ මතක ශක්තිය වැඩි දියුනු කරන සරස්වතී පුජාව

එදා මෙන්ම අදද  ඉන්දියාවේ බ්‍රහ්මන වන්ශිකයින් පාඩම් කිරීමට මතක තබා ගැනීමට දක්ෂයින් බව ලොවපුරා ප්‍රචලිතය ...මොවුන්ට පාඩම් කිරීමට ඇත්තේද ත්‍රිවේදය ඇනි ගැඹුරු ශාස්ත්‍රධර්මයන් ය .ත්‍රිවේදය මතකයෙන් කීමේ ශක්තිය ඇති පඬිවරුන් අදත් ඉන්දියාවේ සි ටින අතර එය සහජ බුද්ධිබලය නිසාම නොවන බව පැහැදිලි සාක්ෂි තිබේ .......

                                                        ඒ සෑම අයෙකුටම  ළදරු කාලයේම සරස්වතී බල පිහිටුවීම ඒ අයගේ සුවිශේෂ චාරිත්‍ර ධර්මයකි ...වේදය හදාරන සෑම බ්‍රහ්මන වශිකයෙකුම ශාස්ත්‍රයට අධිපති සරස්වතී දෙවඟනට පුදපූජා පවත්වා  ආශිර්වාදය ලබා ගන්නා බව ප්‍රකටය ...

                            අප රටේද එදා පටන් අද දක්වා සරස්වතී දෙවඟනගේ පිහිටාදාර ලැබෙන පුදපූජා විදි බලවත් යන්ත්‍ර රත්නයන් රාශියකි.....ශ්‍රි සරස්වතිය ශ්‍රි සාරදා ශ්‍රි වන්ශීශ්වර ශ්‍රි සරසවි ආදී නාමයන්ගෙන් හදුන්වනු ලබන සරස්වතී දෙවඟන සකලවිධ ශස්ත්‍රයන්ට හා සියලු විද්‍යාවන්ට අධිපතිත්ව දරයි .......ගුප්ත ආකර්ශණ කර්මයටද ඉතා බලවත්වේ .....මනුෂ්‍යත්වයට හා ගුධර්ම රකින අයට ශීලාචාරකමට ගරු කරන මෙම උතුම් දේව මාතාව මතක ශක්තිය වැඩිවීමට ඒවා අමතක නොවීමට සිහිනුවන පහළ වීමට ඤාණය ඇතිවීමට බෙහෙවින් පිහිට වේ
                                                        මතක් ශක්තිය දුර්වලව ධාරන ශක්තිය අඩු වී මැසිවිලි නගන දුවා දරුවන්ට සරස්වතී දේව මෑණියන්ගේ පිහිට ලබා ගන්නා පූජාවකි මේ ,,,,,,,,,,,,,,

සරස්වතී දේව පූජාව

නා පිරිසිදුව පිරුවටයෙන් සැරසී පවිත්‍ර ස්තානයකදී පලතුරු කැ විලි ආදියද අගිල් සුවඳදුම්ද  සුදුමල් බුලත් තැඹිලි පඬුරු  හඳුන්කූරු   ලදපස්මල් ගිතෙල් පහනක්      කිරි ආදිය පුදා සරස්වතී දෙවඟනගේ රූපයට බෙලි කොල මල්මාලාවක් පලදවා මීපැණි බදුනක් පූජා කර මේ කටයුත්ත පටන් ගන්න
                                                                    ඉන් පසු පහත නමස්කාරයෙන් 3 ක් නමස්කාර කරන්න
                               ඕං නමෝ සරස්වතී  නමෝස්තු තුයිහං ... වරදේවකාම රූපිනි විද්‍යාර්භං  කරිස්සාමි ...සිද්දිසර්වතු සබ්බදා ,,,,,,,,ඕං සරස්වතී නමෝ විද්‍යා සර්ව දේවී නමෝ නමං ....
ඕං සත්ත රූපී සර්වදාරි සර්වඤානි නමෝ නමං ,,,,,,
ඕං ආදිචන්දි ජටාදාරී චන්ද්‍රබිම්බි නමෝ නමං ..........
ඕං සර්ව සිද්දි කසානාතං සර්ව කාම පුදා නමෝ නමං .......
ඕං සිවායෝගිනි සිවා නන්දි සිවාඤානි  නමෝ නමං ,,,,,,,
ඕං සර්වනාර් සකුමාරී සර්ව ලෝක නමෝ නමං ,,,
ඕං ඉති සරස්වතී නේත්‍රම් සමානං සිද්දිම් සර්ව විජ්ජාඩාරනේස්වාහං ,,,,,
                                             ඉන්පසු පහත ආරාඩනාවෙන් තුන් වර ආරාදනා කරන්න .....
                      



                                           ශාස්ත්‍රග්‍රාමදාරි ගුණ ඤාණ සම්ප්‍රයුක්තං -ලෝකචාරී ප්‍රියංගනා
                                            විද්‍යාචාරි මනුශ්‍ය මුඛ සේවිත නිත්‍යාං -සරස්වතී දේවි පුශ්පාසන ප්‍රවිශ්ඨං  
                                          ශ්‍රි ද්‍රිදර කීර පෝතකා -දෘශ්‍යන්ති නිත්‍යං
                                          ශ්‍රි මුඛවාසානු බද්ද -මහා බ්‍රහ්ම රාජං
                                           සරස්වතීදේවි පුශ්පාසන ප්‍රවිශ්ඨං
                                           විද්‍යාදර සකලාබහු ජනනායක වීරං
                                              අන්‍යදාරං විශැත බහුජන මන ප්‍රීතිං
                                          නිත්‍යාස්වර  ගීත ශාස්ත්‍ර චන්ද්‍රාදිපතිං
                                         සරස්වතීදේවි පුශ්පාසන ප්‍රවිශ්ඨං
                                                         ඉන්පසු පහත මන්ත්‍රය 21 කියමින් සුවඳදුම් අල්ලන්න ..............
ඕං කාලි මහා කාලි සරස්වතී දේවි බ්‍රහ්මේශ්වරී විද්‍යාදාරි ඤාණෙ ශ්වරී ඉදං පුශ්පාසන  ප්‍රවිශ්ඨ වරෝසු ලක්ෂණ බ්‍රහ්මරාජිනී නමං ,,,,,,,,,
ඉන්පසු සරස්වතී දේව කන්නලව්ව කියා පුදපූජා කැපකර අබිමතාර්ත ඉටු කරදෙන ලෙස අයැද ශ්ලෝකයක් කියා දෙවියන්ට පින් අනුමෝදන්ක් අර පුජාව අවසන් කරන්න

                        හුනුමුල්ලේ දේවමිත්‍ර -0775775207             

Saturday, October 10, 2015

විවාහය සතුටින් ගත කරන්න කැමතිද ?

විවාහ ජීවිතය සතුටින් ගත කරන්න ඔබ කැමැතිද ?

                                 අද සමාජය තුල බහුතරයක්පවුල් ජීවිත වල ප්‍රශ්න කරදර හා ගැටුම් ආරවුල් නිසා බොහෝ අඹුසැමියෝ පීඩා විදිති .ඒ අතර විවිධ කායික දුර්වලතාද කායික හා මානසික තෘප්තිය නොලැබීමද බාහිර හේතුද පවතී .සමහරු විවාහ වී කෙටි කාලයකින්ම විවාහ ජීවිතය දික්කසාදයෙන් අවසන් කර ගනිති ,ඇතැම් අය අනියම් සබඳතාවලට යොමු වේ .තවත් අය පවුල් ජීවිතය අවුල් වූ විට ඇතිවන නින්දා අපහාස බාහිර කරදර තම දූ දරුවන්ගේ අනාගතය ආදී කරුණු ගැන සිතා කදුලැලි සෝ සුසුම් මැද පවුල් ජීවිතය ගත කරති .....
                                    මුලු ලෝකයටත් වඩා ආදරෙයි කියූ සැමියා බිරිඳ විවාහ වී ටික කාලයකින්ම වෙනස් වන අතර විවාහයට පෙර තිබූ ආදරය සෙනෙහස බොහෝ අඹුසැමියන් අතර දක්නට නොලැබේ .දහසකුත් එකක් පාර්තනා පොදි බැඳගෙන යුගදිවියට පිවිසියද ජීවිතයම කලකිරුන විවාහ ජීවිතය අපායක් කරගත් බොහෝ අඹුසැමියන් අප අතර සිටිති ...පවුල් ප්‍රශ්න අද වනවිට දැවන්ත සමාජීය ගැටලුවක් බවටද පත්ව තිබේ .විවිධ සමාජීය වටපිටාවන් තුල විවිධාකාර සිතුම් පැතුම් ඇති පවුල් දෙකක ඉපදී දෙපලක හැදී වැඩී දැනහදුනාගෙන හෝ ඇසුරුකර කෙටිකාලයකින් විවාහදිවියට ඇතුලු වී එකට ජීවත් වීමේදී විවිධ ප්‍රශ්න මතභේදයන් ගැටලු කලකිරීම් ඇතිවේ ඒ අප එකිනෙකාව හරියාකාරව තේරුම් නොගැනීම නිසාය ...අප එකිනෙකාගේ සිතුම් පැතුම් අදහස් උදහස් ගතිගුණ හැඟීම් දැනීම් ආශාවන් එකිනෙකට වෙනස් බැවින් මෙසේ සිදු වේ 

                මෙන්න විසඳුම.............


මෙහි පෙලගැස්ම පහතින් දක්වා ඇත 

මේ පොතෙහි පිටුවකි .

ඔබගේ සමියාගේ බිරිඳගේ ගතිගුණ හැඟීම් දැනීම් සිතුම් පැතුම් ආශාවන් දැන හඳුනාගෙන විවාහ ජීවිතය සතුටින් ගත කරන්න ඔබත් කියවන්න 

Friday, October 9, 2015

ඔබ උපන්නේ මේෂ ලග්නයෙන්ද ?

ඔබ මේෂ ලග්නයෙන් ඉපදුනානම් ....
නීරෝගිමත් මද්‍යම ප්‍රමානයේ සිරුරක් ඔබටහිමි වේ .ඔබ හැමදෙයක්ම කිරීමට උත්සහ දරයි .එවැනි දස්කම් යෙදීමමටද ඉඩ ඇත .උනන්දුව උත්සාහය ක්‍රියාශීලීබව ඔබ තුල නොඅඩුව පවතී ඔනෑම අමාරු වැඩ කටයුත්තකට කිසිදු බියකින් සැකයකින් තොරව ඉදිරිපත් වන ඔබ පටන් ගත් වැඩක් ලෙහෙසියෙන් අතරමග නතර නොකරයි .....නොපසුබට උත්සහයෙන් කටයුතු කර කෙසේ හෝ සාර්තකත්වය ලබා ගනී .......
ඔබගේ කතාව තරමක විධානාත්මක සවරූපයෙන් වන අතර එය බොහෝ දුරට අනයගේ සිත් නොගනි ..තම මතයටම කටයුතු කරනා ඔබ කිසිවෙකුට යටහත් වීමට අකමැතිය .ඔබේ අදහස් කෙසේ හෝ සාර්තක කර ගැනීමට මාන බලයි පරාජයට අකමැති බැවින් වාදවිවාද හා ක්‍රීඩාවට හොඳ අයෙකු නොවන ඔබ සටන් කිරීමට පෙලබවීම වැඩි බැවින් නිතර ආරවුල් වල පැටලීමට ඉඩ ඇත ...කැපී පෙනීමට ප්‍රමුඛස්ථානය ලැබීමට කැමති ඔබ ඒ සඳහා තම ශක්තිය බලය යොදවයි ....

                                    යුක්තිය ගරු කරනා ඔබ තුල අනුකම්පාව කරුණාව නැතුවාම නොවේ .යටහත් පහත් විදිහට කතා කරන අයට ඕනෑම උදව්වක් උපකාරයක් කිරීමට ඔබ ඉදිරිපත් වේ .ආත්ම වර්නාවට කැමති බැවින් ඔබේ දස්කම් හා ගුන කියන්නන්ට වහා වසඟ වේ ..තමාට වඩා උසස් සමාජය හුරුපුරුදු ඔබට කොයි කාගෙත් සුහදත්වය පිලිගැනීම හිමිවේ .ඔවුන්ගේ උදව් උපකාර හිමිවූවද ඔබ තම ආත්ම ගරුත්වය පන මෙන් සුරකින අයෙකු බැවින් අඩුලුහුඩුකම් ප්‍රදර්ශනය කර අනුකම්පාව මත කිසිවෙකුගෙන් කිසිදු උදව්වක් උපකාරයක් ලබා නොගනී ..ඔවුන්ගේ උදව් උපකාර ගෞරවනීයව ලබා ගනී .ලබන ලාබයට වඩා ප්‍රශංසාව අගය කරයි ..උගතුන් නැණවතුන් බලවතුන් ඉදිරියේ සම තත්වයෙන් රැඳී සිටීමට ඔබ සමත් වේ ..
උසස් වීමි නිරන්තර අභිලාශයක් ඔබ තුල පිහිටා ඇත්තේ උපතින්මය .ඒ සදහා ඉතා දක්ෂ අන්දමින් සියුම් උපක්‍රම යොදන්නටද ඒවා ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන්නටද ඔබ සැබෑම දක්ෂයෙකි ..තම ඉලක්කයන් සපුරා ගැනීමට ඔබ වෙහෙස මහන්සි නොබලා නිරන්තරයෙන්ම ඇපකැප වී කටයුතු කරයි .මේ හේතුවෙන්ම ඔබට ජය ලබා ගැනීමටත් ප්‍රසිද්ධියට පත් වීමටත් දුශ්කර නොවේ  .නිතර පෙරමුණේ සිටින්නට සමත් ඔබ කොයි කාගේත් හොඳ හිත දිනා ගනී ..කතාබහින් අන්‍යන් පොලබවා ගැනීමටද ඔවුන්ගේ සිත් තුල තමා කෙරෙහි ගෞරවයක් පහළ කර ගැනීමටද සමත් බැවින් ඔබ වට පිරිසක් ගොඩනඟා ගනී ..තමා වටා සිටින අන් අය පරදා ප්‍රසිද්ධය ජයග්‍රහණය නායකත්වය ඔබ ලබා ගනී 
උනන්දුව උත්සහය නිර්භය ගතිය මෙන්ම ආඩම්බරකම හිතවත් කමද ඔබතුල නොඅඩුව පවතී ....බාහිර අලංකාරයට පිරිසිදුකම මෙන්ම විනෝදයටද කැමති ඔබ සහකරුට හෝ සහකාරියට ඉතා ලැදි වේ ...තමාට සුලු උපකාරයක් හෝ කළ අයෙකු වේනම් ඔහු පිලිබඳව නොසලකා හැරීම ඔබේ සිරිත නොවේ ,,හැකි පමණ ප්‍රතියුපකාර කරයි තන්ට උපකාර කලද නොකලද ඇසුරු කරන කා හට වූවද හැකි පමණින් උදව් උපකාර කරන්නට යොමුවන අන්දමේ පරාර්තකාමි සිතක් ඔබට පහළ වේ ..ඔබ ඇසුරු කරන්නන් සමග කටයුතු කිරීමේදී විශ්වාසය අකුරටම සුරකින්නට වග බලා ගනී ..
තම පව්ලට දූදරුවන්ට නෑදෑයන්ට ඉටු වියයුතු යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට ඔබ තුල ඇත්තේ දැඩි උනන්දුවකි ..කාමාශාව බලවත් වන අතර බිරිඳට සැමියාට ඉතා හිතවත්ව කටයුතු කරයි ...ඔවුන්ගේ යෝජනා මතිමතාන්තර සහ උපදේශ ඉතා උනන්දුවෙන් ශ්‍රවණය කර එකඟ බවක් දැක්වූවද තුලානාත්මකව සිතා බලා නිවරදි දේ කිරීමට සමත් ඔබ සැමගේ හිතසුව පිනිස කටයුතු කරයි ...
කිසියම් ගැටලු සහගත අවස්තාවක් පැමිනියේද ක්ෂණිකව තීරණයන්ට එලෙබේ ..එම තීරණයදිගුකලක් පුරා සිතා බලා ගත් තීරණ මෙන්ම බුද්ධිමත් විසඳුම් වේ .....
අන්‍යන්ට ගෞරව කිරීමට මැලි නොවනා ඔබැවැනිම ගෞරවයක් බලාපොරොත්තු වේ .එසේ නොවන විට ඔබ තුල ඇතිවන කෝපය අවාසියටද හේතුවිය හැක ...යමක් පිලිබඳ සිතක් පහළ වූයේනම් එය ලැබෙන තුරු විවිධ උපක්‍රම යොදමින් සටන් කරනා ඔබ කෙසේ හෝ තම සිතැඟි ඉටු කරගනී ...අවශ්‍ය අවස්තාවේදී සියලු ගතිගුණ සඟවා ගනිමින් කටයුතුකරනා ඔබ  නොයිවසිල්ලෙන් හා ඉක්මන් කෝපයෙන් යුක්තය 
තමාගේ සැප පහසුකම් අන්‍යයන් වෙනුවෙන් කැප කිරීමට මැලිකමක් දක්වන අතර අනයගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා බෙහෙවින් උත්සක වේ ..සටන් කළ යුතු තැන අත් නොහැර ඔබ අනයවෙනුවෙන් සටන් කලද ඔබ වෙනුවෙන් අන්‍යයන් කැප නොවේ .....ඉතා ලඟ හිතවතුන් නිසා කරදර වල පැටලීමට ඔබට සිදුවනු ඇත .....ඉතා තීක්ෂණ නුවණක් සහ ප්‍රායෝගික උපක්‍රමශීලි හැකියාවන් උපතින්ම පිහිටන ඔබ පුලුල් සන්විදාන කටයුතු ව්‍යාපාර කටයුතු සඳහා දක්ෂ විය හැක ..
බොහෝ විට යුක්තිසහගතව කටයුතු කිරීමට උත්සහ ගත්තද ආත්මාර්ථකාමි සිතුවිලි මතුවීමෙන්  වැරදි සිදුවීමත්  නොඉවසිලිමත් ගතිය නිසා අලාභහානි අවුල්වියවුල් ඇතිකර ගැනීමත් සිදුවිය හැකි බැවින් ඔබ ඒ පිලිබඳව ප්‍රවේශම් විය යුතුය '..නිතර නිතරම කෑම ගැනීමේ සිරිත පවතින ඔබට පිත අදික වීමෙන් යම් යම් රෝගද නින්ද නොයෑමේ රෝග  උශ්න දැවිලි රෝග සමේ රෝග උදරයේ රෝග  ලේ දෝෂ ආදිය පහසුවෙන් වැලදිය හැක 
                                                          ජය අ0ක -6   8  9
                                                          ජය වර්න -නිල් 
                                                          ජයදින -අගහරුවාදා    සෙනසුරාදා     සිකුරාදා 
                                                         ජයමාස -ජනවාරි     පෙබරවාරි 





                                            හුනුමුල්ලේ දේවමිත්‍ර -0775775207