ඔබ වෘෂභ ලග්නයෙන් ඉපදුනානම් ......
ඔබගේ අදහස් ස්ථිරය .පෞද්ගලික වාසි තකා ඔබ අදහස් බලාපොරොත්තු විටින් විට වෙනස් නොකරයි ....අන් අය තමාගේ අදහස් වලට නම්මවා ගන්නවා මිස තමා අන් අයගේ අදහස් වලට හැරීමට අකමැතිය ...ස්ථිර අදහස් මෙන්ම තමන් සැලසුම් කරගත් සුවිශේෂ ක්‍රමෝපායන් අනුව ජීවිතය ගෙවන්නාවු ඔබ කිසිදු හේතුවක් නිසා තමාගේ රූලෙන් මිම්මෙන් පිට නොපනී ,,ප්‍රායෝගිකව කටයුතු කිරීමට කැමති ඔබ සිය මතය කෙරෙහි දැඩිව නැඹුරු වේ ..ඔබ මුදල් අතින් සුරක්ෂිත නම් සතුටට පත්වන අතර එසේ නොවනා විට සිතින් කරදරයට පත් වේ ..විනෝදයට සැපතට බාහිර අලංකාරයට කැමති අතර සතුටින් ජීවත් වීමට බෙහෙවින් ප්‍රිය වේ ...සියලු යස ඉසුරු පිරි ජීවිතයක් ගත් කිරීමට අවශ්‍ය වේ ,,,අලංකාරවත් ලෙස ඇඳුම් පැලදුම් ඇදීමට ආභරණ පාවිච්චි කිරීමට ප්‍රිය වේ ..ඒ සඳහා නොමැලිව වියපැහැදම් කරයි ...ඇතැම් විට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වියදම් කරයි .....
විසිතුරු දේ සඳහා ලැදියාවක් දක්වන ඔබ ස්පර්ශය තුලින්ද සතුටු වේ ,,,තම දුටුවිට එය ලබා ගත නොහැකිනම් ස්පර්ශ කර හෝ සතුටු වේ ...සුවපහසු දිවියකට ප්‍රිය කරන අතර ප්‍රියසම්භාෂණ විනෝද උත්සව ප්‍රනීත ආහාරපාන ආදියට ඉතා කැමතිය ...
ගේ දොර වස්තුව මුදල්හදල් පිලිබඳව නිරන්තරයෙන්ම අවධානය යොමුවේ ,,මුදල් පිලිබඳ තණ්හාව නොමැති වූවත් මනා අවබෝධයකින් කටයුතු කිරීමට සමත් වේ ,,
සවභාවි ක පරිසරයට වඩාත් ප්‍රිය කරයි .දහසක් ප්‍රශ්න මැද වූවද රසවිඳීමට දෙයක් දුටුවිට රසවින්දනයට අමතක නොකරයි ,,,උසස් රුචිකත්වයක් පවතී නැනවතුන් ප්‍රිය කරයි .ඔවුන් හා සබඳතා පවත්වන අතර ඔවුන්ගේ ප්‍රසාදයට ලක්වේ ,ඔබට විවිධ කලා කුසලතාවයන් පැවතියද ඒවා ප්‍රකට නොකරයි ..ඇතැම් විට ඒ තුල නිරත වීමට සැලසුම් කළද ඒවා ඉබේම නැති වී යයි ,තමා ඉදිරියේ සිටින අයගේ සිත නොතලා ඒ ඒ අයට සුදුසු පරිදි කටයුතු කරයි ,,,තමන්ගේ කැමැත්ත අකමැත්ත නොබලා කටයුතු කරයි ,,,,සැප පහසුකම් හා බාහිර අලංකාරයට අතිශයෙන් ප්‍රිය කිරීමත් තම මතයේම ඇලී ගැලී සිටීමත් තම කටයුතු කෙසේ හෝ සාර්ථක කර ගැනීමට මාන බැලීමත් සැප පහසුකම් භාවිතා කිරීමේදී අන් අයගේ සැප පහසුව පිළිබඳව නොතැකීමත් ඔබගේ දුර්වලතාවයන් වේ ,,,,,තම අභිමතාර්ත සපල කර ගැනීමට අසාධාරණකම් වලට වූවද පෙලැබේ ...
තර්කානුකූලව කතා කර ජය ගැනීමට සිතනා බැවින් ඔප්පු කිරීමට නොහැකි දේ ගැන කතා නොකර නිහඬව සිටියි ,,,බොහෝ දේ සිතෙහි තබාගෙන සිටීමටත් එම කරුණු කිසිවෙකුටත් හෙලි නොකර සිටීමටත් ඔබ සමත් වේ ,,,,එසේ සිතෙහි තබා ගත් කරුණු පිලිබඳ නිතර නිතර විමසමින් හරිවැරදි තීක්ෂණ ලෙස විමර්ශන කරමින් සිටින ඔබ අවශ්‍යයැයි හැඟෙන්නේ නම් සියුම් ලෙස ප්‍රයෝජනයට ගනී ..හේතුවක් ඇතිව හෝ නැතිව මෙසේ සිත තුල සඟවා ගන්නා හැගීම් නිසා අවාසි පාඩු ද ඔබට සිදු වේ ..එසේ වූවද ඔබ ඒවා ගනනකට නොගනී .තම ගතිගුණ ගැන තමාම තෘප්තිමත් වේ ...ප්‍රකාශ කරන දේ මෙන් දහසක් දේ සිත තුල ඇතත් කිසිවක් හෙළිදරව් නොකරයි ......
අන් අයගේ සිත්ගන්නා සුළු ස්වභාවයක් ඔබට උපතින්ම පිහිටා ඇත ....ඔබ අන් අයට දොස් නැගූවද ඔවුන්ගේ අමනාපයට ලක් නොවේ ,ඉතා බරපතල කටුක දොස් නැගීම් වචන දෙකතුනකින් කියන්නට ඔබට හැකිය ,,,,සිතෙහි මතුවන හැඟීම් සඟවාලීමට මෙන්ම සිතෙහි ඇති දහසක් දේ කෙටියෙන් කියාපායි ,,,කිසිම කෙනෙකු සමඟ ඉක්මනින් අමනාප නොවන අතර සමාව දීමට හැකි කාරුණික සිතක් පිහිටි නිසා සතුරු මිතුරු සැමගේ ප්‍රසාදයට ලක් වේ ..යමෙකු සමඟ අමනාපවෙන්නේ ඉතා දූරදර්ශීව තර්කානුකූලව සිතා බැලීමෙන් පසුවය ,,,එසේ අමනාප වූ විට යලි මිතුරු නොවේ ,සිතේ තරහා නැතිමුත් දැඩි තීරණ වල හිදී ,,,,යමක් කරනා විට අන් අයට නොහගවා කිරීමෙන් තමන්ම තෘප්තියට පැමිණ කවුරුත් කියන දේ නාසා තම සිතැගි පරිදිම කටයුතු කරයි ,,,අන් අයට දොස් නැගූවද එම මොහොතේම සියල්ල අමතක කර දමා සැහැල්ලු ලෙස කටයුතු කරයි , සිතේ කුඩුකේඩු ගති නැත .
අරමුණු කරා ගමන් කිරීමේදී නොසැලී කටයුතු කරයි .යම් ජයග්‍රහණයක් ඉලක්ක කරගත් විට එය හිමිවන තුරුම අත් නොහරී ...යායුතු මග සැලසුම් කර බාදා පීඩා කරදර ගනන් නොගෙන මහමෙරක් සේ කටයුතු කරයි ,,,,,උපතින්ම කඩිසර නැත්ත් කරන දේ නොනවත්වා කරගෙන යයි ...හීන් නූලෙන් ජය ගනියි ..
තමන් නිවරදිව කටයුතු කිරීමට උනන්දුවක් දක්වයි ...උපක්‍රමශීලීව අනුන් දිනා ගැනීමට සමත් වේ ..බොහෝ විසඳුම් ලබන්නේ කාලය වැය කිරීමෙනි .හදිස්සියකදී වූවද වැඩ හෙමිනි . නායකත්වයට සුදුසු කලබල නොවී ඉලක්ක කරා යන බැවිනි . විරුද්ධකරුවන් කතාවෙන් දිනා ගනි ..
සෙම්දෝෂ බහුලවීමෙන් යෙදෙන සෙම්ගෙඩි ගලපටලය බෙල්ලේ උගුරේ ආසාදනය මලබද්දය උදරාබාද ආදියට පහසුවෙන් ගොදුරු විය හැකිය ...
ජය අංක -5 6 8
ජය වර්ණ- කොල සුදු
ජයදින - බදාදා සිකුරාදා
ජයමාස -පෙබරවාරි මාර්තු

No comments:
Post a Comment