එදා මෙන්ම අදද ඉන්දියාවේ බ්‍රහ්මන වන්ශිකයින් පාඩම් කිරීමට මතක තබා ගැනීමට දක්ෂයින් බව ලොවපුරා ප්‍රචලිතය ...මොවුන්ට පාඩම් කිරීමට ඇත්තේද ත්‍රිවේදය ඇනි ගැඹුරු ශාස්ත්‍රධර්මයන් ය .ත්‍රිවේදය මතකයෙන් කීමේ ශක්තිය ඇති පඬිවරුන් අදත් ඉන්දියාවේ සි ටින අතර එය සහජ බුද්ධිබලය නිසාම නොවන බව පැහැදිලි සාක්ෂි තිබේ .......
ඒ සෑම අයෙකුටම ළදරු කාලයේම සරස්වතී බල පිහිටුවීම ඒ අයගේ සුවිශේෂ චාරිත්‍ර ධර්මයකි ...වේදය හදාරන සෑම බ්‍රහ්මන වශිකයෙකුම ශාස්ත්‍රයට අධිපති සරස්වතී දෙවඟනට පුදපූජා පවත්වා ආශිර්වාදය ලබා ගන්නා බව ප්‍රකටය ...
අප රටේද එදා පටන් අද දක්වා සරස්වතී දෙවඟනගේ පිහිටාදාර ලැබෙන පුදපූජා විදි බලවත් යන්ත්‍ර රත්නයන් රාශියකි.....ශ්‍රි සරස්වතිය ශ්‍රි සාරදා ශ්‍රි වන්ශීශ්වර ශ්‍රි සරසවි ආදී නාමයන්ගෙන් හදුන්වනු ලබන සරස්වතී දෙවඟන සකලවිධ ශස්ත්‍රයන්ට හා සියලු විද්‍යාවන්ට අධිපතිත්ව දරයි .......ගුප්ත ආකර්ශණ කර්මයටද ඉතා බලවත්වේ .....මනුෂ්‍යත්වයට හා ගුධර්ම රකින අයට ශීලාචාරකමට ගරු කරන මෙම උතුම් දේව මාතාව මතක ශක්තිය වැඩිවීමට ඒවා අමතක නොවීමට සිහිනුවන පහළ වීමට ඤාණය ඇතිවීමට බෙහෙවින් පිහිට වේමතක් ශක්තිය දුර්වලව ධාරන ශක්තිය අඩු වී මැසිවිලි නගන දුවා දරුවන්ට සරස්වතී දේව මෑණියන්ගේ පිහිට ලබා ගන්නා පූජාවකි මේ ,,,,,,,,,,,,,,
සරස්වතී දේව පූජාව
නා පිරිසිදුව පිරුවටයෙන් සැරසී පවිත්‍ර ස්තානයකදී පලතුරු කැ විලි ආදියද අගිල් සුවඳදුම්ද සුදුමල් බුලත් තැඹිලි පඬුරු හඳුන්කූරු ලදපස්මල් ගිතෙල් පහනක් කිරි ආදිය පුදා සරස්වතී දෙවඟනගේ රූපයට බෙලි කොල මල්මාලාවක් පලදවා මීපැණි බදුනක් පූජා කර මේ කටයුත්ත පටන් ගන්නඉන් පසු පහත නමස්කාරයෙන් 3 ක් නමස්කාර කරන්න
ඕං නමෝ සරස්වතී නමෝස්තු තුයිහං ... වරදේවකාම රූපිනි විද්‍යාර්භං කරිස්සාමි ...සිද්දිසර්වතු සබ්බදා ,,,,,,,,ඕං සරස්වතී නමෝ විද්‍යා සර්ව දේවී නමෝ නමං ....
ඕං සත්ත රූපී සර්වදාරි සර්වඤානි නමෝ නමං ,,,,,,
ඕං ආදිචන්දි ජටාදාරී චන්ද්‍රබිම්බි නමෝ නමං ..........
ඕං සර්ව සිද්දි කසානාතං සර්ව කාම පුදා නමෝ නමං .......
ඕං සිවායෝගිනි සිවා නන්දි සිවාඤානි නමෝ නමං ,,,,,,,
ඕං සර්වනාර් සකුමාරී සර්ව ලෝක නමෝ නමං ,,,
ඕං ඉති සරස්වතී නේත්‍රම් සමානං සිද්දිම් සර්ව විජ්ජාඩාරනේස්වාහං ,,,,,
ඉන්පසු පහත ආරාඩනාවෙන් තුන් වර ආරාදනා කරන්න .....
ශාස්ත්‍රග්‍රාමදාරි ගුණ ඤාණ සම්ප්‍රයුක්තං -ලෝකචාරී ප්‍රියංගනා
විද්‍යාචාරි මනුශ්‍ය මුඛ සේවිත නිත්‍යාං -සරස්වතී දේවි පුශ්පාසන ප්‍රවිශ්ඨං
ශ්‍රි ද්‍රිදර කීර පෝතකා -දෘශ්‍යන්ති නිත්‍යං
ශ්‍රි මුඛවාසානු බද්ද -මහා බ්‍රහ්ම රාජං
සරස්වතීදේවි පුශ්පාසන ප්‍රවිශ්ඨං
විද්‍යාදර සකලාබහු ජනනායක වීරං
අන්‍යදාරං විශැත බහුජන මන ප්‍රීතිං
නිත්‍යාස්වර ගීත ශාස්ත්‍ර චන්ද්‍රාදිපතිං
සරස්වතීදේවි පුශ්පාසන ප්‍රවිශ්ඨං
ඉන්පසු පහත මන්ත්‍රය 21 කියමින් සුවඳදුම් අල්ලන්න ..............
ඕං කාලි මහා කාලි සරස්වතී දේවි බ්‍රහ්මේශ්වරී විද්‍යාදාරි ඤාණෙ ශ්වරී ඉදං පුශ්පාසන ප්‍රවිශ්ඨ වරෝසු ලක්ෂණ බ්‍රහ්මරාජිනී නමං ,,,,,,,,,
ඉන්පසු සරස්වතී දේව කන්නලව්ව කියා පුදපූජා කැපකර අබිමතාර්ත ඉටු කරදෙන ලෙස අයැද ශ්ලෝකයක් කියා දෙවියන්ට පින් අනුමෝදන්ක් අර පුජාව අවසන් කරන්න

No comments:
Post a Comment