Friday, October 9, 2015

ඔබ උපන්නේ මේෂ ලග්නයෙන්ද ?

ඔබ මේෂ ලග්නයෙන් ඉපදුනානම් ....
නීරෝගිමත් මද්‍යම ප්‍රමානයේ සිරුරක් ඔබටහිමි වේ .ඔබ හැමදෙයක්ම කිරීමට උත්සහ දරයි .එවැනි දස්කම් යෙදීමමටද ඉඩ ඇත .උනන්දුව උත්සාහය ක්‍රියාශීලීබව ඔබ තුල නොඅඩුව පවතී ඔනෑම අමාරු වැඩ කටයුත්තකට කිසිදු බියකින් සැකයකින් තොරව ඉදිරිපත් වන ඔබ පටන් ගත් වැඩක් ලෙහෙසියෙන් අතරමග නතර නොකරයි .....නොපසුබට උත්සහයෙන් කටයුතු කර කෙසේ හෝ සාර්තකත්වය ලබා ගනී .......
ඔබගේ කතාව තරමක විධානාත්මක සවරූපයෙන් වන අතර එය බොහෝ දුරට අනයගේ සිත් නොගනි ..තම මතයටම කටයුතු කරනා ඔබ කිසිවෙකුට යටහත් වීමට අකමැතිය .ඔබේ අදහස් කෙසේ හෝ සාර්තක කර ගැනීමට මාන බලයි පරාජයට අකමැති බැවින් වාදවිවාද හා ක්‍රීඩාවට හොඳ අයෙකු නොවන ඔබ සටන් කිරීමට පෙලබවීම වැඩි බැවින් නිතර ආරවුල් වල පැටලීමට ඉඩ ඇත ...කැපී පෙනීමට ප්‍රමුඛස්ථානය ලැබීමට කැමති ඔබ ඒ සඳහා තම ශක්තිය බලය යොදවයි ....

                                    යුක්තිය ගරු කරනා ඔබ තුල අනුකම්පාව කරුණාව නැතුවාම නොවේ .යටහත් පහත් විදිහට කතා කරන අයට ඕනෑම උදව්වක් උපකාරයක් කිරීමට ඔබ ඉදිරිපත් වේ .ආත්ම වර්නාවට කැමති බැවින් ඔබේ දස්කම් හා ගුන කියන්නන්ට වහා වසඟ වේ ..තමාට වඩා උසස් සමාජය හුරුපුරුදු ඔබට කොයි කාගෙත් සුහදත්වය පිලිගැනීම හිමිවේ .ඔවුන්ගේ උදව් උපකාර හිමිවූවද ඔබ තම ආත්ම ගරුත්වය පන මෙන් සුරකින අයෙකු බැවින් අඩුලුහුඩුකම් ප්‍රදර්ශනය කර අනුකම්පාව මත කිසිවෙකුගෙන් කිසිදු උදව්වක් උපකාරයක් ලබා නොගනී ..ඔවුන්ගේ උදව් උපකාර ගෞරවනීයව ලබා ගනී .ලබන ලාබයට වඩා ප්‍රශංසාව අගය කරයි ..උගතුන් නැණවතුන් බලවතුන් ඉදිරියේ සම තත්වයෙන් රැඳී සිටීමට ඔබ සමත් වේ ..
උසස් වීමි නිරන්තර අභිලාශයක් ඔබ තුල පිහිටා ඇත්තේ උපතින්මය .ඒ සදහා ඉතා දක්ෂ අන්දමින් සියුම් උපක්‍රම යොදන්නටද ඒවා ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරන්නටද ඔබ සැබෑම දක්ෂයෙකි ..තම ඉලක්කයන් සපුරා ගැනීමට ඔබ වෙහෙස මහන්සි නොබලා නිරන්තරයෙන්ම ඇපකැප වී කටයුතු කරයි .මේ හේතුවෙන්ම ඔබට ජය ලබා ගැනීමටත් ප්‍රසිද්ධියට පත් වීමටත් දුශ්කර නොවේ  .නිතර පෙරමුණේ සිටින්නට සමත් ඔබ කොයි කාගේත් හොඳ හිත දිනා ගනී ..කතාබහින් අන්‍යන් පොලබවා ගැනීමටද ඔවුන්ගේ සිත් තුල තමා කෙරෙහි ගෞරවයක් පහළ කර ගැනීමටද සමත් බැවින් ඔබ වට පිරිසක් ගොඩනඟා ගනී ..තමා වටා සිටින අන් අය පරදා ප්‍රසිද්ධය ජයග්‍රහණය නායකත්වය ඔබ ලබා ගනී 
උනන්දුව උත්සහය නිර්භය ගතිය මෙන්ම ආඩම්බරකම හිතවත් කමද ඔබතුල නොඅඩුව පවතී ....බාහිර අලංකාරයට පිරිසිදුකම මෙන්ම විනෝදයටද කැමති ඔබ සහකරුට හෝ සහකාරියට ඉතා ලැදි වේ ...තමාට සුලු උපකාරයක් හෝ කළ අයෙකු වේනම් ඔහු පිලිබඳව නොසලකා හැරීම ඔබේ සිරිත නොවේ ,,හැකි පමණ ප්‍රතියුපකාර කරයි තන්ට උපකාර කලද නොකලද ඇසුරු කරන කා හට වූවද හැකි පමණින් උදව් උපකාර කරන්නට යොමුවන අන්දමේ පරාර්තකාමි සිතක් ඔබට පහළ වේ ..ඔබ ඇසුරු කරන්නන් සමග කටයුතු කිරීමේදී විශ්වාසය අකුරටම සුරකින්නට වග බලා ගනී ..
තම පව්ලට දූදරුවන්ට නෑදෑයන්ට ඉටු වියයුතු යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට ඔබ තුල ඇත්තේ දැඩි උනන්දුවකි ..කාමාශාව බලවත් වන අතර බිරිඳට සැමියාට ඉතා හිතවත්ව කටයුතු කරයි ...ඔවුන්ගේ යෝජනා මතිමතාන්තර සහ උපදේශ ඉතා උනන්දුවෙන් ශ්‍රවණය කර එකඟ බවක් දැක්වූවද තුලානාත්මකව සිතා බලා නිවරදි දේ කිරීමට සමත් ඔබ සැමගේ හිතසුව පිනිස කටයුතු කරයි ...
කිසියම් ගැටලු සහගත අවස්තාවක් පැමිනියේද ක්ෂණිකව තීරණයන්ට එලෙබේ ..එම තීරණයදිගුකලක් පුරා සිතා බලා ගත් තීරණ මෙන්ම බුද්ධිමත් විසඳුම් වේ .....
අන්‍යන්ට ගෞරව කිරීමට මැලි නොවනා ඔබැවැනිම ගෞරවයක් බලාපොරොත්තු වේ .එසේ නොවන විට ඔබ තුල ඇතිවන කෝපය අවාසියටද හේතුවිය හැක ...යමක් පිලිබඳ සිතක් පහළ වූයේනම් එය ලැබෙන තුරු විවිධ උපක්‍රම යොදමින් සටන් කරනා ඔබ කෙසේ හෝ තම සිතැඟි ඉටු කරගනී ...අවශ්‍ය අවස්තාවේදී සියලු ගතිගුණ සඟවා ගනිමින් කටයුතුකරනා ඔබ  නොයිවසිල්ලෙන් හා ඉක්මන් කෝපයෙන් යුක්තය 
තමාගේ සැප පහසුකම් අන්‍යයන් වෙනුවෙන් කැප කිරීමට මැලිකමක් දක්වන අතර අනයගේ අයිතිවාසිකම් ලබා දීම සඳහා බෙහෙවින් උත්සක වේ ..සටන් කළ යුතු තැන අත් නොහැර ඔබ අනයවෙනුවෙන් සටන් කලද ඔබ වෙනුවෙන් අන්‍යයන් කැප නොවේ .....ඉතා ලඟ හිතවතුන් නිසා කරදර වල පැටලීමට ඔබට සිදුවනු ඇත .....ඉතා තීක්ෂණ නුවණක් සහ ප්‍රායෝගික උපක්‍රමශීලි හැකියාවන් උපතින්ම පිහිටන ඔබ පුලුල් සන්විදාන කටයුතු ව්‍යාපාර කටයුතු සඳහා දක්ෂ විය හැක ..
බොහෝ විට යුක්තිසහගතව කටයුතු කිරීමට උත්සහ ගත්තද ආත්මාර්ථකාමි සිතුවිලි මතුවීමෙන්  වැරදි සිදුවීමත්  නොඉවසිලිමත් ගතිය නිසා අලාභහානි අවුල්වියවුල් ඇතිකර ගැනීමත් සිදුවිය හැකි බැවින් ඔබ ඒ පිලිබඳව ප්‍රවේශම් විය යුතුය '..නිතර නිතරම කෑම ගැනීමේ සිරිත පවතින ඔබට පිත අදික වීමෙන් යම් යම් රෝගද නින්ද නොයෑමේ රෝග  උශ්න දැවිලි රෝග සමේ රෝග උදරයේ රෝග  ලේ දෝෂ ආදිය පහසුවෙන් වැලදිය හැක 
                                                          ජය අ0ක -6   8  9
                                                          ජය වර්න -නිල් 
                                                          ජයදින -අගහරුවාදා    සෙනසුරාදා     සිකුරාදා 
                                                         ජයමාස -ජනවාරි     පෙබරවාරි 





                                            හුනුමුල්ලේ දේවමිත්‍ර -0775775207

1 comment:

  1. ඔබ ඔබගේ අනාගතය ගැන තෘප්තිමත් නැද්ද ?
    පෙම්වතිය ඔබව මග අරිනවද ?
    ඔබගේ යුග දිවිය අසාර්ථකද ?
    සැම පිරිමියෙකුම පහේ සිහින මවන්නේ ශක්තිමත් සහ පෘෂ්ටිමත් ලිංගයක් හිමිකර ගැනිමටයි...
    සැම කාන්තාවක්ම පහේ වඩාත් සතුටු වන්නේ එවන් ලිඟුවක් හිමි පිරිමියෙකුටයි..
    ඔබට ඔබගේ පෙම්වතිය අවශ්ය පමනටවත් තෘප්තිමත් කල නොහැකිද ?
    පෙම්වතිය ඔබ හා ලිංගිකව එක්වීමට අකමැතිද ? ඔබගේ ලිංගික එක්වීම් අසාර්ථකද ?
    ක්ෂණික මෝචනය (Premature Ejaculation) ලෙස පවසන ඉක්මණින් ශුක්රානු පිටවීම පිළිබඳව තරුණයන් පමණක් නොව මැදිවියට පත්ව සිටින පුද්ගලයන් පවා නිතර මුහණ දෙනු ලබන ගැටලුවකි..
    ලිංගික උපකරණ පහසු මිලට
    ඔබට අවශ්ය ඕනෑම භාණ්ඩයක් ඇනවුම් කර අරක්ෂිතවා සහ පෞද්ගලිකත්වය සහ පූර්ණ රහස්යභාවය ආරක්ෂා වන ආකාරයෙන් ඔබට අවශ්ය ඕනෑම තැනකට ගෙන්වා ගන්න
    වැඩි විස්තර සදහා 0717-513246 / 077-6015159

    ReplyDelete